Friday, December 21, 2012

සැන්දෑව




සිරිපොද මල් වැස්සේ අපි දෙන්නා
කෝල කතා කියමින් අපි උන්නා 
ආල හැඟුම් සිත තුල උතුරන්නා 
කාලය ගිය වේගය නොදනිම්මා 



Tuesday, December 18, 2012

මම සහ ඔබ





සොඳුරු දිනයක ඔබත් සමගින් ඇවිද යන්නට පෙරුම් පිරුවා
සපල වී ඒ සොඳුරු පැතුමන් ඔබත් සමගින්  දිනක් ගෙවුනා
ඔබේ හසරැල් සිනා මල් පොඩි කැලුම් අතරින් කාලේ ගෙවුනා
දිවියේ සොඳුරුම දිනක් හිමිකළ ඔබට ආදරේ කරමි සැමදා 


සුසිඳු ඔබේ මුව මඩල මැවූ ඒ සිනා අතරේ  සැනසුනා
 ඔබත් සමගින් උනා දොඩමලු සිතත් සතුටින් ඉපිලුනා
ඔබේ වරලස හැමු නලරැලි සමග මැවූ ඒ රූ රටා 
සොඳුරු සිනහව හදින් වින්දෙමි ඇසිපිය හෙලන්නත් මැලි උනා 


මතු සම්බන්දයි.............