Thursday, April 12, 2012

ඔබ



නෙලාගන්න බෑ මට ඔබ පිපුනත් ඔබ අතේ දුරින්
නිදා ගන්න බෑ අද මට සිත වද දෙයි සුසුම් ලමින්
රිදවන්නට බෑ ඔබ හද මෙතරම් මට මගේ නමින්
ඇයි ද ලදේ ඔබ පිපුනේ අන් උයනක අන් නමකින්

Wednesday, April 11, 2012

අතරමග

විදුලි සංඥ ක්‍රියා විරහිත වෙන්න කලින් ඉගිලුනා
හොරපේ නැවතුම පසු කරන් විත් කනුව මුලදීම නැවතුනා
අනේ පාලක මැදිරි මහතුනි පමාවට ඇයි කාරනා
ඉදිරියෙන් ගිය නුවර දුම්රිය ගම්පහට දැන් ලංවුනා

මගුල කෝච්චිය තාමත් නවත්තගෙන මග ................

Monday, April 2, 2012

සන්නස්ගල

සන්නස්ගල , නම කිවූ සැනින් මට හිතට එන්නේ කියන්න තියන හත් ඉලවුවක් කෙලින්ම ආටෝප නැතුව කියන මනුස්සයෙක් පිළිබදවය ...මේ සිළුමිණ පුවත් පතේ ඔහු අම්ම ගැන කියල තිබුන කතාවකි ( උපුටා ගැනීම සිළුමිණ පුවත් පතෙනි )

අහිමි


සිනා වෙවී පිපුනත් ඔබ අතේ දුරින්
නැතේ ඉඩක් නෙලා ගන්න මගේ අතින්
ඇයිද මලේ ඔබ පිපුනේ බිගු නොවෙමින්
ඉමුද සොඳුර අපි දෙන්නා සෙනේ සිතින්