Showing posts with label දුකට ලියු කවි. Show all posts
Showing posts with label දුකට ලියු කවි. Show all posts

Thursday, November 29, 2012

ආලවන්ත .......................



බහක් නොදී ඔබ ලතවෙයි කිසිදුත් නොකියා
පැය දින සති ගෙවී ගිහින් අපටත් නොකියා
උදේ හවා සිත වදවෙයි කුමක් වෙයි කියා
දිනය හෙටයි  අප හමුවී සතියක් ගෙවිලා 

චයරුපය උපුටාගත්තේ අන්තර්ජාලයෙනි 

Tuesday, October 30, 2012

සිහින



අවදිවන්නේ කෙසේදෝ මේ හීනයෙන්
මම තවමත් ආදරෙයි ඒ හීනයට
අවදි වූ පසු තිබෙන මේ ලෝකයෙන්
දැනෙන් නෑ මට ඒ සොඳුරු බව




පින්තුරය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි

Thursday, April 12, 2012

ඔබ



නෙලාගන්න බෑ මට ඔබ පිපුනත් ඔබ අතේ දුරින්
නිදා ගන්න බෑ අද මට සිත වද දෙයි සුසුම් ලමින්
රිදවන්නට බෑ ඔබ හද මෙතරම් මට මගේ නමින්
ඇයි ද ලදේ ඔබ පිපුනේ අන් උයනක අන් නමකින්

Monday, April 2, 2012

අහිමි


සිනා වෙවී පිපුනත් ඔබ අතේ දුරින්
නැතේ ඉඩක් නෙලා ගන්න මගේ අතින්
ඇයිද මලේ ඔබ පිපුනේ බිගු නොවෙමින්
ඉමුද සොඳුර අපි දෙන්නා සෙනේ සිතින්