Saturday, May 12, 2012

(අ)නියම්


මට කොච්චි කතාවක් මතක් වුණා. මේ කතාව තේරෙන බාසාවෙන් කියන්න මම තීරණය කලා. කෝච්චියේ බොහොම තරුණ  ජෝඩුවක් තුරුළු වෙලා බර කතාවක්, මහත්තය එයාගේ කන්තෝරුවේ දවාලේ වෙච්ච දේවල් කියනවා නෝනත් බොහොම උනන්දුවෙන් අහන ඉන්නවා. දෙන්නම හිනාවෙනවා මුහුණට මුහුණ බලන් ඉන්නවා , ටික වෙලාවක් යද්දී නෝනා මහත්තයාගේ උරිස්සට ඔලුවතියන් මොනාද මුමුණනවා.දැන් මෙතන මගෙන් අහන්න එපා බොට මොකක්ද තියන අමාරුව කොහෙවත් යන ගෑනු මිනිස්සු මොනවා කලත් කියල .සද්ද නැතුව මේක කියවල අන්තිමට අහමු ප්‍රශ්න. ඔන්න දැන් කෝච්චිය හුණුපිටිය පහුකරලා ඉස්සරහට ඇදුන .අඳුරත් වටින්ගොඩින් වැටීගෙන ආව. මහත්තය නෝනගේ අත අල්ලන් මොනාද මුමුනල ඉඳන් හිටිය අසුනෙන් නැගිටලා කොචියේ ඉස්සරහ පෙට්ටියට ගිහින් නොපෙනී යනතුරු නෝනා බලන් හිටලා එයත් බහින්න ලක ලැහැස්ති උනා. එඬේරමුල්ලේ කෝච්චිය නැවත්තුවම නෝනා බැස්ස. එයාව පිළිගන්න ස්ටේසමේ ටෝච් එකකුත් ඇරන් හොඳ තරුණයෙක් පොඩි ගෑනු ළමයෙක් එක්ක බලන් හිටිය. නෝනව දක්කපු ළමය තාත්තේ අන් න අම්ම කියල කියනවා කෝච්චිය අද්දන සද්දේ අස්සෙම ඇහුන. අනේ පවු ඒ මෝඩ මිනිහ ........ඒ අන්තිමට ඒ මනුස්සය ගැන දැනුනු හැගීම .....

කොහෙද වැරදුනේ? ඇයි වැරදුනේ ? මන් ලග මේ ප්‍රශ්න එන දෙකටම උත්තර නැත . මොකද මේ ප්‍රශ්න මගේ නොවෙන නිසාය . එහෙනං මොන බම්බුවකටද මේවා ලියන්නේ අහන අයට දෙන්නට උත්තරයක්ද නැත .කෙසේ හෝ තනි අතින් අප්පුඩි ගසන්නට නොහැකි සේම මේවාද දෙපාර්ශවයේම වැරදිය .සැමියා විසින් බිරිද කෙරෙහි ඉටු කලයුතු ඕනා එපාකම් හරියාකාරව ලැබේ නම් බිරිදට වෙන පිරිමින් පසුපස්සේ යාමට අවැසි නොවේ  ( එසේ ලැබුනද කොටු පනින්නියන් බොහෝ සිටිති . ) . බිරිදගෙන් සැමියාට යුතුකන් ඉටු වෙයිනම් හොර  බිරියන්  පස්සේ යාමට අවැසි නැත .ලවු කරන කාලයේදී නම් කොල්ලා ලග මෙන්ම යන පාර දිගේත් සුවද හමයි . බැඳලා ටිකදවසක් යනකොට මු හවස වැඩ ඇරිලා ඇවිල්ලත් ඇඟපත හොදන්නේවත් ණෑ එක්කෝ ටීවී එක ඉස්සරහ එක්කෝ පත්තරයක් බලනවා . පළාතම දාඩිය ගඳය .නහයක් කටක් නැති එකෙකුට මිසක් ගෑනිට නං තද වෙන එක වෙනවාමය.ගැහැණුන්ද මිට දෙවැනි නැත. දවස තිස්සේ දාඩිය පෙරාගෙන ගෙදර දොර වැඩ කරති .එක්කෝ ඇඟපත සෝදා ගන්නේ මහා රෑ වීය එක්කෝ නින්දට යාමට පෙරය. ගෙදර ඉන්න හින්ද ඇඳුමේ පැලදුමේ වගක්ද නැත . එල්ලෙන ඒවා එල්ලෙති පැද්දෙති . මිනිහ උනත් නොහිත ඉඳීද , මේ ගෑනි ලවු කරන කාලේනන් හිටියේ ජපන් බෝනික්ක වගේ පිළිවෙලට ඇන්ද , පැළදුව.දැන් නිකන් ඉන්නේ වැදිරියෙක් වගේ .ගෙදර ගෑනිට කෙල වෙන්නේ මිනිහට අහල පහල ජපන් බෝනික්කෙකුට හිතගිය පසුය .එවිට දොස් පවරා වැඩක් නැත .වැරැද්ද තිබී ඇත්තේ තමන් ලගය. 

 මෙය ගැහුණු පිරිමි දෙගොල්ලන්ටම පොදුය තමාගේ යුතුකම් අමතක කර තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උපවාස ,අපහාස හෝ  මිනි මරන්නටද  සුදානම්ය .වැරදුන පසු ඇඟිල්ල දික් කරන උන් වැරදුනේ ඇයි වැරැද්ද ගත්තේ ඇයි කියා හොයන්නේ නැත .වරදින්නේ අපේම වැරදි නිසාය .ඒ තියන ඔලමොට්ටල කමට මිස වෙන හේතුවක් නැත.

7 comments:

  1. ෙමන්න ෙමයත් බ්ෙලාග් ලියෙනා්.....................

    ReplyDelete
  2. අප්පොච්චියේ මෙන්න මෙතනටත් පාත්වෙලා ...............

    ReplyDelete
  3. "Jeewithaya Rangamandalaki Apa sama ehi rangana Naluwo wemu." Mekath e kathawe eka jawanikawak witharai.
    -Charith

    ReplyDelete
    Replies
    1. මේකනේ චරිත් රගපෑවට කමක් නෑ චරිත තෝරලා බේරලා තමන්ට ගැලපෙන ඒවා විතරක්

      Delete