Tuesday, December 18, 2012

මම සහ ඔබ





සොඳුරු දිනයක ඔබත් සමගින් ඇවිද යන්නට පෙරුම් පිරුවා
සපල වී ඒ සොඳුරු පැතුමන් ඔබත් සමගින්  දිනක් ගෙවුනා
ඔබේ හසරැල් සිනා මල් පොඩි කැලුම් අතරින් කාලේ ගෙවුනා
දිවියේ සොඳුරුම දිනක් හිමිකළ ඔබට ආදරේ කරමි සැමදා 


සුසිඳු ඔබේ මුව මඩල මැවූ ඒ සිනා අතරේ  සැනසුනා
 ඔබත් සමගින් උනා දොඩමලු සිතත් සතුටින් ඉපිලුනා
ඔබේ වරලස හැමු නලරැලි සමග මැවූ ඒ රූ රටා 
සොඳුරු සිනහව හදින් වින්දෙමි ඇසිපිය හෙලන්නත් මැලි උනා 


මතු සම්බන්දයි.............

4 comments:

  1. සුභ පැතුම්...........

    ReplyDelete
  2. කවුද මේ "ඔබ" ........................?
    - චරිත්

    ReplyDelete
    Replies
    1. වෙන කවුරුත් නෙමෙයි ඒ මගේ ඇය :)

      Delete