Sunday, March 18, 2012

(අ)සම්මත ප්‍රේමය ...

කෑවද ?
නෑ 
අයි ?
වැඩ තිබුන 
ඒ උනාට
ඒ උනාට කියල බෑ නේ මගේ වැඩ ටික කරන්නේ ඔයාද?
ඔව් පුළුවන් නම් මන් ඒ ටිකත් කරලා දෙනවා 
අයි ඒ ?
මම දන්නේ නෑ 
අයි මගේ වැඩ කරන්නේ… ඔයා එයාගේ වැඩ කරන්න
එයාගේ වැඩත් කරනවා 
ඉතින් 
ඉතින් මුකුත් නෑ 
තරහද ?
නෑ 
අයි තරහ ගියේ නැත්තේ ? 
ආදරේ හින්ද ............
හ්ම් .....මට ආදරේ කරන්න එපා වැඩක් නෑ 
අයි නැත්තේ ...
ආදරේ කලා කියල මුකුත් ලැබෙන්නේ නෑ නේ ...
මට මුකුත් ඕනේ නෑ ....
ඇයි ඒ ?
ආදරේ හින්ද ...
මං යනවා 
කොහෙද ?
වැඩක් තියනවා 
කාල යන්න
බෑ... කන්න තරන් හිතට නිදහසක් නෑ ...



1 comment:

  1. ඇත්තටම අතීතෙට ගියා හිත...
    කියෙව්වා එක හුස්මට...
    මටත් මතක් උනා...
    අපේ කෑම කාමරේ....
    පුංචි මේසේ....

    බොහොම සුන්දරයි....

    ReplyDelete