Thursday, November 8, 2012

මට ඔබ අමතක නැත ..........





සුපුරුදු ලෙස අදත් දුම්රියට ගොඩවුනේ මහබැංකුවේ යෙදිලා තිබුන රාජකාරියකට යෑමටය ,කාර්යාල වෙලාව පහුවෙමින් තිබුන නිසා වැඩි සෙනගක් නොසිටියත් ඉඳගැනීමට ආසනයක් සොයාගැනීම දුෂ්කරවිය. උකුල් පරිගණකය දුම්රියේ බඩු තබන රක්කයෙන් දමා සුපුරුදු හුදකලාවෙන්, පසෙකින් පහුවෙන කුඩාකල ගිය පාසල දෙස බලා උන්නෙමි .පාසල් වත්තේ වැඩි වෙනසක් නැතත් කොස් ගස් ටිකනන් අතුරුදහන් වී ඇත.අලුතින් සෑදු ගොඩනැගිලි කිහිපයක් පිට්ටනිය පසෙකින් විය.රේල් පාර මායිමේ මානා පඳුරු ටිකනන් තිබුනා වාගේමය .ළමුන් රේල් පාරට පැනීම වැලක්වීමට යෙදු කොළ පැහැති මෝටාර් දැල් යෙදු වැටකි ,එකල අපට තිබුණු ලොකුම ගැටලුවනම් මානා පඳුරු පෙළය .ක්‍රිකට් ගසන විට නැතිවෙන තරමක් බෝල නැතිවන්නේ මේ පඳුරු අස්සේය ,එමනිසාම එම පැත්තට ඉහලින් පන්දුව යැවීමට සලස්වන්නා දැවීගිය ක්‍රීඩකයෙක් විය .පාසල් වේලාවෙන් පසු හෝ පාසල් කාලය තුල ඉඩලද ඕනෑම අවස්ථාවක අප සිටින්නේ මානා කලෑව තුල නැතිවූ ක්‍රිකට් බෝල සොයමින්ය.

පාසල් මතකයන් අතර සැරිසරමින් සිටි මා නැවත දුමරිය තුලට ඇද දැමුවේ ලගින්ම ඇසුණු බොන්ගෝ හඬකි. මට යාර කිහිපයක් ඉදිරියෙන් බොන්ගෝ එකක් එල්ලාගත් මිනිසෙක් විය , ඔහුට තිබුනේ විඩාබර මුහුණකි .දහදිය නිසා නළලට වැටුනු කෙස් රොදක් ඇලි තිබුණි .ඔහු එකදිගට කතාකළේය.දුමරියෙන් නැගෙන හඬ යටපත් කිරීමට ඔහුගේ හඬ ප්‍රමාණවත් නොවිය .කතාව නැවතූ ඔහු දුම්රිය මැදිරියේ  කනුවකට හේත්තුවී හරිබරි ගැසුනේය හුදකලාවේ කල්පනා කරනවාට වඩා ගීතයක් ඇසීමට ලැබීම ගැන සතුටක් මුසු දෙගිඩියාවක් සිතේ හොල්මන් කලේ පොදුවේ ඇසෙන මල් සින්දුවක් අසන්නට නොලැබේවා යන බලාපොරොත්තුව හිතේ සක්මන් කල බැවින්ය .


ඔබගේ අම්මාද නැත්තම් ඔබගේ බිරිඳද   -   ඔබ ආදරේ මේ දෙන්නගෙන් කාටද
ගෑනු අපට සිය ගණනක් සේවුවහැකි         -   නමුත් අම්ම කිවොත් එක්කෙනයි ලොව ඇති "


උදේ සිට ගී ගැයූ නිසාදෝ ඔහුගේ  හඬ ගොරෝසු විය .ඔහු දුම්රියෙන් නැගෙන හඬ මැඩලා මැදිරියේ සිටියවුන්ගේ අවදානය දිනාගැනීමට සමත්විය.ඔහු අසලම සිටි පෙම්යුවලකට ඔහුගේ හඬ හෝ දුමරියේ ගෝෂාව බාදාවක් නොවිය. ආදරය අන්ද බව කෙසේ වෙතත් බිහිරි බවනම් මට ප්‍රත්‍යක්ෂ විය .ඔහුගේ විනාඩි පහක ගීය තුල මට මතක මුල සහ අග පමණය. ඒ මට මුල සහ අග සමීප නිසා වියහැක . ඔහු අවසන් කලේ 
.....

අම්මයි තාත්තයි මගේ ජීවිතය - මම ඒ දෙදෙනාගේ ලොකුම පුතුය
මේ  දෙදෙනාම රැකීම මට යුතුය - අන්න එකයි හොඳ පුතෙකුකේ ගුනදර්මය

ඔබේ බිරිඳව ඔබේ ලඟට කැන්දන් - ඇගේ වැරදි ඇතොත් කියාදෙන්න පහදා
බිරිඳට ආදරෙන් ඉන්න සැමදා - මොකද ඔබේ අම්මත් ගෑනු කෙනෙක් හින්දා


කියාය ...ගීත රචකයා කවුරුන් උනත් ඔහු ගැහැණියට සදාරනයක් ඉටුකොට ඇතිබව ප්‍රත්යක්ෂවිය.ඔහු දිගටම ගීත දෙකක් හෝ තුනක් ගායනා කලත් ඒ මොනවාදැයි කියා සිතීමට මම වෙහෙස නොවිය. මන්ද යත් සිත ඒ වනවිටත් ඔහුගේ පළමු ගියේ අවසන් පද පේලි සමග පොරබදමින් සිටි නිසාය.ගීත ගායනය අවසානයේ ඔහු සිනාමුසු මුහුණින් අවපැහැ ගැන්වුන මල්වට්ටියක් අතැතිව මැදිරිය පුරා ඇවිද්දේය. දුමරිය මැදිරියේ මගින් බොහෝ නොසිටියත් ඔහුට සැලකියයුතු මුදලක් එකතුවී තිබුණි .මා අසලට පැමිණි ඔහුට මමද  රුපියල් විස්සකින් ආදාරයක් කලේ මගේ ආර්ථිකයටද පහරක් නොවදින්නට වගබලා ගනිමිනි .ඉක්බිති ඔහු අසල මැදිරියක් වෙත ඇවිද ගියේ නැවතත් සුපුරුදු රාජකාරිය අරබිමටය .


ඔහුගේ නික්මයමත් සමහ හුදකලාවූ හිත නැවතත් සිතුවිලි අතර ඇවිදින්නට විය. තාත්තගේ වියෝවත් සමග ගෙදර තනිවුයේ අම්මා සහ මමය . එය අම්මා සහ මම තදින් ඇද බැඳ තැබීමට සමත් විය. වෙනදා තාත්තට බත් එක මුලින් බෙදා දෙන ඕ දැන් ඒ පිළිවෙත් කරන්නේ මා උදෙසාය, හවසට මම එන්නට පරක්කු වන ඕනෑම දවසක ගේ සමීපයට එන මට ඇය දකින්නට ලැබෙන්න උලුඅස්සට හේත්තු වී පාරදෙස බලන් ඉන්නවාය .කෙතරම් බඩගිනි උවත් මම කන්නට පෙර අම්මා බත් කාපු දවසක් මම දන්නේ නැත .එතරම් සෙනෙහසක් අම්මට මම කෙරෙහි ඇතිබව මම හොඳාකාරවම දනිමි .අම්මා සහ තාත්තා  සමග ඕනෑම දෙයක් කතාකිරීමට නිදහස් පරිසරයක් නිවසේ විය .තාත්තා කෙතරම් බුද්දීමතෙක් වුවද දරුවන්ගේ අදහස් විමසීමටද වගබලා ගත්තේය .එය අපගේ අත්මවිශ්වසය වර්දනය කිරීමෙහිලා මහෝපකාරී විය .මල්ලි ගෙදරින් දුරබැහැරව වාසය කිරීම මම දෙමවු පියන්ට සමීප වීමට උත්ප්‍රේරකයක් විය.


කතාව යන්නේ කොහෙද මල්ලේ පොල් වීමට කලින් කියන්නට ගියදෙය කීමට වටිනා බව හැඟෙයි.පොඩ්ඩක් හිතල බලන්න අපි ලොකුමහත් කරන්න පොඩිකාලේ ඉඳල අම්මල තාත්තල කොච්චර නම් දුකක් විඳලා තියනවද කියල.දවස් කියක් අපි අසනීප උන වෙලාවල නිදිමරලා තියනවද කියල අපි කියෙන් කීදෙනාද දන්නේ. දැනන් හිටියත් ප්‍රති උපකාර කරන්නේ කීදෙනාද .....අම්මල තාත්තලාගේ වැරදි තියෙන්න පුළුවන්, මොකද වැරදි නැති මිනිස්සු ලෝකේ දැනට ඉපදිලා නෑනේ. නමුත් ඒ වැරදි මාපිය දුදරු සබදියවට හරස් නොවිය යුතු බව මම නම් තරයේ විශ්වාස කරමි .


දෙමවූ පියන් අපෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තුවෙන්නේ නෑ.දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි .නමුත් මමද ඇතුළුව අප බොහෝදෙනාට එය අපහසු කාර්යක්.නමුත් අපි සාරදර්ම අතින් පොහොසත් ජාතියක් .වියපත් දෙමවුපියන් අපෙන් බලාපොරොත්තුවන්නේ ආදරය කරුණාව ආරක්ෂාව. ඒ හැම දෙයක්ම නොමිලයේම අපිට දෙන්න පුළුවන්. මගේ බ්ලොග් එක කීදෙනෙක් බලනවාද කියා මම නොදනිමි. අහම්බෙන් හෝ මෙය කියෙවුවන් හිතට එකගව පොඩ්ඩක් හිතන්න අද දවසට ගෙදරට කතාකරල අම්මේ කෑවද ? උදේට ,තාත්තේ ඔය උදේ බේත් බිවුවද ?කියල ඇහුවද ?....බහුතර උත්තරය නැත යන්න බව මම හොදහැටි දනිමි.නමුත් දවසට අපි නොවැදගත් දුරකථන ඇමතුම් කියක් ගනවද ..කි දෙනෙකුට කෙටි පණිවිඩ ගහනවද ...ඇයි ඒ නොවැදගත් බහුතරය අතෙරේ හෝ වැදගත් අම්ම තාත්තා නැත්තේ. කොතනක හෝ වැරදි ඇතිබව පෙනීයයි. කවුද වැරදි කවුද හරි සෙවීමට වඩා ඇයි වැරදුනේ සෙවීම කලොචිතබව මට නම් හැඟෙයි


අම්ම තාත්තා අප සමග හැමදාම ඉන්නේ නැත .මගේ නම් තාත්තා දැනටමත් ජිවතුන් අතර නැත .නැතිදා දුක් වෙනවාට වඩා ඇතිදා ඔවුන්ව රැකබලා ගන්න. ඔවුන්ව මගඅරුනොත් ඒ අවස්ථාව ඔබට කවදාවත් මේ ජිවිත කාලය තුල නොලැබෙන බවනම් සක්සුදක් සේ පැහැදිලිය. ඔබේ දදරුවන්ද ආදර්ශ ලබන්නේ ඔබෙන්මය දෙමවු පියන් නොසලකන ඔබ ඔබේ දරුවන්ගෙන් ඇප උපස්ථාන බලාපොරොත්තුවේ නම් එවැනි අදම පහත් සිතුවිල්ලක් මේ ලෝකයේ නැත.


පුළුවන් හැම වෙලාවේම අම්මට තාත්තට ඇහුම්කන් දෙන්න .එයාලත් එක්ක කතාබහ කරන්න පිළිසඳර ගොඩක් ප්‍රශ්න වගේම මානසික ආතතියත් දුරලන හොඳ බේතක්. ගෙදර ගියාම හවසට අද දවසේ වච්ච දේවල් අම්ම තාත්තා එක්ක කතාබහ කරන්න. ඒ අයගේ අදහස් විමසන්න. එයම හොඳ මාපිය දුදරු සම්බදතාවකට හොඳ අත්තිවාරමක් වන බව නොඅනුමානය.


චයරුපය අන්තර්ජාලයේ http://www.timesmangalore.com වෙබ් අඩවියෙනි 

8 comments:

  1. Sahathika aththa. Eeta wada kiyanna deyak ithuru karala na. Godak ayata amathaka wechcha, wela thiyena, weegen yana paththak.

    Charith

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පස්සේ පසුතැවෙන එකෙන් පලක් නෑ

      Delete
  2. දැඩි දෙමාපිය සම්බන්ධයක් විවාහයට හොඳට වගේම නරකටත් (වැඩිපුරම නරකට) බලපානවා. මම දන්නවා. පුතා සහ අම්මා තනිවෙන ගෙවල් වල අම්මාගේ සෙවිලි බැලිලි පුතා ගැන වැඩියි.පුතා උනත් අම්මා ගැන සොයනවා බලනවා. නමුත් තුන්වැන්නියක් ඒ ගෙදරට ආවම ගැටළු පැන නඟිනවා.අම්මාගේ කැමැත්තට ආපු ලේලියෙක් වුනත් බෙදා ගන්න බැරි එකම පුතා/මහත්මයා නිසා මානසික තැවුල් විඳිනවා.ඔක්කටම වඩා පුතා.

    ඒ වගේම තම සිත් ගත් තරුණියව අතෑරලා අම්මාට හරියන විවාහයක් කර ගෙන ඒ නිසා විඳවන අයත් මම දැකල තියෙනවා. කෝකිලට එහෙම නොවේවා කියල පතනවා.දැඩි මානසික සම්බන්ධයක දී තේරුම් ගැනීම වටහා ගැනීම වැදගත් වෙන්නේ අන්න ඒකයි.

    නියමයි.ඔන්න මම ෆලෝවර් කෙනෙක් වුනා.මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගන්නවා.එතකොට කෝකිල ලියන ලිපි මඟෑරෙන එකක් නැහැ.

    සුභ පැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේ නිතර හිතෙනවා සොඳුරු ...ගොඩක් වෙලාවට මම හිතන්නේ එකයි ප්‍රස්නයක් උනාම කවුද වැරදි කවුද හරි කියල හොයන්නේ නැතුව ඇයි ප්‍රස්නයක් ඇතිඋනේ ඒවගේ දෙයක් නැවත ඇති නොවන්න කරන්න ඕනේ මොනවද කියන එක හිතන්නේ.පවුල් ජීවිතයකදී එකිනෙකා තෙරුන් ගැනීම බොහොම වැදහත් .අලුතෙන් පවුලට එකතුවෙන දියණියක් උනත් දැනගන්න ඕනේ මෙච්චර කාලයක් එකට හිටිය අම්මයි පුතයි අතර තිබුන බැඳීම කඩන්න දඟලන්නේ නැතුව ඇයත් ඒ බැන්දිමටම එකතුවෙන්න. දෙමවු පියනුත් දැනගන්න ඕනේ නිසි වයසට ඇවිත් විවාහ වූ දරුවන්ට ඔවුන්ගේ ජිවිත තනියම ගෙනයන්න ඉඩදෙන්න. අපිට මේ අන්ත දෙක අතර හරියට දොලනයවෙන්න පුළුවන්නන් ජීවිතය සුන්දරයි.

      Delete
  3. කෝකිල අයිය කතාව ලියන විදිහ හරිම අකර්ශනියයි . ගොඩක් හොද උපදෙස් දෙල තියෙන්නේ . කොහොම උනත් මන් 100 % ක් එකයි අයගේ කතාවට .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ උපදෙස් ක්‍රියාවට නගන්න වරදින්නේ නෑ කවදාවත්ම

      Delete
  4. hithata wadina widihata godaaaaaaaaaaaaak lassanata liyala tiynwa.thankz 4 da advice.100%true.:D
    Dulanjalee weerasinghe

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ අදහස් වලට :D

      Delete